Connect with us

පුවත්

අපේක්ෂක ආදායම් හා වියදම් වාර්තා භාරදීම අදින් අවසන්

Published

on

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවය.

මේ අතර ‍පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ නියෝජිතයින් නම් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම අර්බුදයට ලක්ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විටත් බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ නියෝජිතයින්ගේ නම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී නොමැති බවය.

මේ වන විට ලැබී ඇති නම් ලැයිස්තු රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබුණ ද එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සදහා සියලු පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ඇතුළත් කිරීම සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අවස්ථා ගණනාවක දී සියලු දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට පළාත්පාලන ආයතනවලට තේරීපත්වූ නියෝජිතයින්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීම් කළ ද මෙතෙක් එම තොරතුරු ලබාදීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල සභා වාරයන් ආරම්භ කිරීමේ කටයුතු වලට ද ගැටලු මතුව ඇති බවයි මැතිවරණ කොමිශන් සභාව පෙන්වා දෙයි.

මේ අතර පළාත් පාලන ආයතනවල සභාවාරයන් නිසි පරිදි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සියලු නිළධාරීන් මේ වන විට දැනුවත් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතරය බලය ලබාගත් පළාත් පාලන ආයතනවල කටයුතු පළමුව ආරම්භ කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බවය.

පුවත්

කරාපිටියේ හෘද සැත්කම් නවතී

Published

on

By

ගාල්ල ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ දැනට සිටින විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාගේ කොන්ත්‍රාත් කාලය මෙම 31 වන දායින් පසු නිමා වීමත් සමග දැනට කරන හෘද සැත්කම් නවතා දැමීමට සිදුවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට ගාල්ල ජාතික රෝහලේ මෙම ඒකකයේ ස්ථිර විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති බවත් දැනට එහි සේවය කරනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් විශ්‍රාමික විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉල්ලීම් සිදු කළද මේ දක්වාම කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත.

මෙම තත්ත්වය මත විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති වීමෙන් සැත්කම් නතර කිරීම නිසා හෘද රෝගී ජීවිත දැඩි අවදානමකට පත්වන බව රෝගීන්ගේ ඥාතීහු පවසති.

රජය රාජකාරි වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදු කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක නියමිත රාජකාරී කාලය තුළ ම ශල්‍යකර්ම නැවතීම බරපතළ ගැටලුවක් බව ඔවුහු පවසති.

රෝගී ජීවිත අවදානමකට ඇද නොදමා හැකි ඉක්මනින් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙස ඔවුහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අප ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චයූ.එම්. රංගගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම තත්ත්වය මත ඉදිරියේදී හෘද සැත්කම් නතර කිරීමට සිදුව ඇති බවය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

කොකේන් කිලෝ 10ක් කටුනායකදී හසුවෙයි

Published

on

By

අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට පත් වූ අතර සැකකරු වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙකි.

සැකකරු මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයා(ර්) තුනක සඟවාගෙන රැගෙනවිත් තිබුණි.

Continue Reading

පුවත්

විදුලිය බිඳ වැටී ඇත්නම් දැනුම් දෙන්න

Published

on

By

කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
 
එම බිඳ වැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා  කියා සිටියේය.
 
ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී ඊ බී ඇසිස්ට් (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved