ඇතැම් පුද්ගලයන් විසින් එක්සත් ජාතික පක්ෂය දියාරු කිරීමට විවිධ උත්සාහයන් ගත්තද තවමත් එජාපය නොනැසී එලෙසම පවතින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පවසයි.
රවී කරුණානායක මහතා විසින් මෙම අදහස් දක්වන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු 700කට පත්වීම ලිපි ප්‍රධානය කිරීමේ උත්සවය අමතමිනි.
“අපේ පක්ෂය ඒ විදිහටම තියෙනව. අපේ පක්ෂයේ තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නවා. අපේ පාක්ෂිකයන් නැවත පක්ෂයට ඒකරාශී වෙන්න පටන් අරන් තිබෙනවා. තව දවස් එකසිය විසි පහකින් මේ රටේ ජනාධිපතිවරණයක් තිබෙනවා. අපේ රටේ නිර්පාක්ෂික අපේක්ෂකයා විදිහට අපි ඉදිරිපත් කරන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා….
පසුගිය මාස තිහ ඇතුලේ මේ රටේ විශාල විප්ලවයක් ඇතිකළා. මාස විසිපහකට පෙර මේ රටේ විදුලිය තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. ප්‍රවාහනය තිබුණේ නැහැ. ගෑස් තිබුණේ නැහැ. අද ඒ සියල්ල වෙනස් ආකාරයට වෙනස් කරලා තිබෙනවා. ජන ජීවිතයේ අමාරු වුණත් එදා තිබුණ තත්ත්වයට වඩා යහපත් කරලා නීති ගරුකව රට පාලනය කරන තත්ත්වයකට පත්කරල තිබෙනවා. ඩුප්ලිකේට් පක්ෂ තුළින් වසර 75ක් පරණ එක්සත් ජාතික පක්ෂය නැති කරන්නට බෑ. අවසන් ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයාට ලක්ෂ පනස් පහක් පමණයි ඡන්ද ලබා ගැනීමට හැකියාව තිබුණෙ….
අනෙක් දේශපාලන පක්ෂ සිහින ලෝක වල සහ අන්තවාදී ගමන්වල සිටිනවා. ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේදී ඉලෝන් මස්ක් මුණ ගැහුණා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගනුදෙනු කරන්න බැහැ කියපු අය කියන්න අරගෙන තිබෙනවා ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා. මෙවැනි සංවර්ධන අපේක්ෂාවන් එක්ක වැඩ කරන මොහොතට විරුද්ධ වන අයට මේ රටේ අනාගතයක් තියෙනවද කියන කාරණය අපි සිතා බැලිය යුතු වෙනවා.”