පුවත්

අබිං පනත අද සිට බලාත්මකයි

Published

on

පසුගිය ඔක්තොබර් 19දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත අද (23) සිට 2022  අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

ඒ, අදාළ පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) සිය සහතිකය සටහන් කිරීමත් සමගයි.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් සැප්තැම්බර් මස 9 වැනි දින විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා උක්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත මගින් විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ සම්බන්ධ නීතිය සංශෝධනය කෙරේ. මත්ද්‍රව්‍ය ගෙන්වීම ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් කාලීනව ඇතිවන අවශ්‍යතාවයන් මත පවතින නීතිය යාවත්කාලීන කිරීම සහ ශක්තිමත් කිරීම මෙම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කෙරේ.

Trending

Exit mobile version