Connect with us

පුවත්

අභයාරාමේ විදුලිය කැපුවේ අරියාදුවට?

Published

on

නාරාහේන්පිට අභයාරාමයේ විදුලි බිල රුපියල් එකොළොස්දහසක හිඟයක් තිබීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පසුගිය 01 වැනිදා එහි විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විහාරස්ථානයේ නොමැති අවස්ථාවක මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බවත් එය දැන ගත් දායක සභාවේ පුද්ගලයකු හිඟ විදුලිබිල හා දඩය රුපියල් තුන්දහසක් ගෙවා එදිනම විදුලි සබඳතාව ලබාගත් බවත් ආනන්ද නාහිමියෝ කියා සිටිති.

මෙම විදුලිය විසන්ධි කිරීම විදුලිබල මණ්ඩලයේ අනුමත නීතිරිතිවලට පටහැනි බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස උන්වහන්සේ විදුලිබල මණ්ඩලයේ බලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

විදුලිය විසන්ධි කිරීමට පෙර අදාළ පාරිභෝගිකයා දැනුවත් කළ යුතු වන අතර හිඟ විදුලි බිල අයකර ගැනීමට රතු නිවේදන නිකුත් කළ යුතු වුවද ඒ කිසිදු කාර්යයක් මෙම විසන්ධි කිරීමට පෙර සිදුව නොමැත.

එමෙන්ම විදුලිය විසන්ධි කළ හැක්කේ රුපියල් පන්දහසට වැඩි හිඟ බිල් පත් සම්බන්ධයෙන් වුවත් අභයාරාමයේ මෙම හිඟ මුදල විදුලි මීටර් තුනක හිඟයක් බැවින් එහිදී මෙම විසන්ධිය විදුලිබල මණ්ඩලයේ අනුමත නීතිරීති උල්ලංඝනය කිරීමක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

ආනන්ද හිමියෝ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉතා කිට්ටුවෙන් ගනුදෙනු කරනු ලබන හිමිනමක් ලෙස සැලැකේ.

හිටපු ජනපතිවරයාගේ ජන්ම දිනය යෙදී තිබූ ඉකුත් 18 වැනිදා ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභයාරාමයේදී කිරිඅම්මාවරුන්ගේ දානමය පින්කමක් පැවැත්වුණි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved