පුවත්

අභාවප්‍රාප්ත ඒ. ටී. ආරියරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

Published

on

අභාවප්‍රාප්ත, සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ මහතාගේ දේහය අද (17) පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.

මහජන ගෞරවය සඳහා ලබන 20 වනදා දහවල් 12.00 දක්වා එම ස්ථානයේ තැන්පත් කර තැබෙන ඒ.ටි. ආරියරත්න මහතාගේ දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව ඇත.

20 වනදා පස්වරු 04.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතිබව සඳහන්ය.

Trending

Exit mobile version