පුවත්

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා

Published

on

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

ඊයේ (16) දිනයේ , තෙවරප්පෙරුම මහතා මතුගම ඔහුට හිමි වත්තකදී වැඩ කරමින් සිටියදී   පරිපථ දෙකක් ඇමිණීමට ගිය අවස්ථාවේ දී ඔහුට මෙලෙස විදුලි සැර වැදී ඇති අතර, පසුව ඔහුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද  අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේය.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කලේය.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ඒ මහතා එම කාලය තුළ ඔහු කළුතර දිස්ත්‍රික්කයට විශාල සේවයක් ඉටුකළ බවද සඳහන් වේ.

තෙවරප්පෙරුම මහතා ස්වදේශ කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන ලදී.

ඔහු ජීවත්ව සිටින කාලයේදීම සිය සුසානය නිර්මාණය කිරීමත්, අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් පිළිබඳවත් මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.

Trending

Exit mobile version