Connect with us

පුවත්

අභිරහස් ලෙස මියගිය පුද්ගල සිරුරක් කොන්ක්‍රීට් වහළය උඩ

Published

on

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහළය මත තිබී ඊයේ (29) රාත්‍රියේ සොයා ගත් බව කැකිරාව පොලිසිය පවසයි.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එම මළ සිරුර සොයා ගෙන ඇතැයි පැවසේ.

කලක සිට වසා දමා තිබූ බව පැවසෙන මෙම ව්‍යාපාරික ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් වහළය මත තිබීයදි මෙම මළ සිරුර සොයා ගෙන තිබුණි.

එම මළ සිරුර සොයා ගන්නා ලද අවස්ථාවේ දී පැවැති තත්ත්වය අනුව අදාළ පුද්ගලයා දින කිහිපයකට ඉහතදී මිය යන්නට ඇති බවටයි පොලිසිය අනුමාන කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කරවිට උඩවත්තේ අමිල ප්‍රියදර්ශණ නමැති 44 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

ඔහු දින කිහිපයක් නිවසින් අතුරුදන්ව සිට ඇති බවත්, ඔහුගේ මළ සිරුර පසුව මෙලෙස හමුව ඇත්තේ ඔහු පදිංචිව සිටි නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ස්ථානයක දී බවත්, පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙය සිය දිවි නසා ගැනීමක් ද ස්වභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති බව වාර්තා වේ.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, මෙම මරණය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මේ වනවිට වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved