පුවත්

අමල් සිල්වාට අයත් බව පැවසෙන මෝටර් රථ 3ක් පොලිස් භාරයට

Published

on

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වූ අතර එහිදී පොලිස් භාරයට ගත් එකලස් කරන ලද වාහන 8 කි.

මෙම වාහන අතර හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ද ඇති බව පොලීසිය විසින් අනාවරණය කරනු ලබයි

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සඳහන් කරන්නේ නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3ක් මෙලෙස පොලිස් භාරයට ගත්  වාහන අතර ඇති බවයි.

රජයේ ආයතනවලින් භාවිතයට නුසුදුසු ලෙස සඳහන් කරමින් ඉවත්කරන ලද වාහනවල අංක තහඩු යොදා අදාළ වාහන තුන භාවිත කර ඇති බවට සැක කරන බව පොලීසිය පවසා සිටියේය.

සබැඳි පුවත්

Trending

Exit mobile version