පුවත්

අම්පාරේ අතුරුදහන් වූ තවත් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවේ

Published

on

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථයක් සැඩපහරට හසුව පෙරළීයාම හේතුවෙන් දියේ ගිලී අතුරුදන්වු තවත් පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඊයේ (30) උදෑසන එම සිසුවාගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය කියා සිටියි.

ඒ අනුව අදාල සිද්ධියෙන් මියගිය පාසල් සිසුන් ඇතුළු 08 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.
සිසුන් 08 දෙනෙකු මුදා ගැනීමට හැකි වී තිබුණු අතර, සිසුන් 05 දෙනෙකුගේ මළ සිරුරු මීට පෙර සොයාගෙන තිබුණි. ට්‍රැක්ටර් රථ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද පසුගිය දා සොයාගෙන තිබුණි.

Trending

Exit mobile version