පුවත්

අම්බලන්ගොඩ  තවත් වෙඩි තැබීමක්; ත්‍රිරෝද රියැදුරෙක් මරුට

Published

on

ගාලු පාරේ  අම්බලන්ගොඩ  ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී  ඊයේ (24)රෑ සිදුවූවෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුමුවට පත්වී තිබේ.

මෙසේ මරු මුවට පත්වී ඇත්තේ බලපිටිය රන්දොඹේ පදිංචි උජිත්සිරි ද සොයිසා නමැති පනස් අට හැවිරිදි තිදරු පියෙකි.

මිය ගිය තැනැත්තා අම්බලන්ගොඩ බස්නැවතුම් පොළ ත්‍රීරෝද රථ ගාලේ කුලී රියදුරෙක් ලෙස කටයුතු කරන්නෙක් බවත්, ඔහු සිය ත්‍රීරෝද රථයෙන් අම්බලන්ගොඩ සිට නිවස පිහිටි රන්දොඹේ  කරා යමින් සිටියදී මේ වෙඩි පහාරයට ලක්වී ඇති බවත් පොලිසිය කියා සිටී.

නාදුනන වෙඩික්කරුවන් ‌දෙදෙනෙකු විසින් මේ පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.‍ 

මිලිමීටර නවයේ උණඩ දැමිය හැකි ගිණි අවියකින් ඔහුට වෙඩි තබා ඇති බවට පොලිසිය සැකකෙරේ.

කෙසේවුවද, මේ වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.

Trending

Exit mobile version