අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා 20කට පමණ අද (11) පැවති තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාත්‍රාවල හිමිකරුවන් පවසයි.
මෙම හානියෙන් තමන්ට රුපියල් කෝටියක පමණ අලාභ හානියක් සිදුව ඇති බවත්, එම හානිවූ ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවත් ඔවුන් කියා සිටියහ.
එම ධීවර යාත්‍රාවල හිමිකරුවන් වැඩිදුරටත් කියා සිටියේ, මෙලෙස දැඩි අලාභ හානිවූ ධීවර යාත්‍රා සියල්ලම අලුත්වැඩියා කිරීමට ධීවර වරායෙන් ගොඩබිමට ගත යුතු බවත්, ඒ සදහා ද විශාල මුදලක් වැය වන බවය.
මෙම ධීවර වරායේ ධාරිතාව කුඩා බැවින් එහි නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා සුළඟින් හා රළ පහර වැදීමෙන් එකිනෙක ගැටීම මෙයට ප්‍රධානතම හේතුව බවද ධීවර යාත්‍රා හිමියන් කියා සිටියහ.