Connect with us

පුවත්

අම්මට ලැබුණු නිල නිවස බාරදෙන්නයි යන්නේ – සජිත්

Published

on

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් හිමිව තිබෙන නිල නිවස යළි රජයට භාරදීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Talk with Sudaththa යූ ටියුබ් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ.

ඒක ලැබෙන්නන් වාලේ ලැබිලා තියෙනවා. ඒක ඔහේ තියෙනවා. මගේ මව ඉන්නේ පෞද්ගලික නිවසක. මගේ මවට ලැබෙනවා මගේ පියාගේ විශ්‍රාම වැටුප මම ඇත්තටම කියන්න කැමතියි මම ඒක සාධාරණීකරණය කරනවා. එහි වරදක් දකින්නේ නෑ.

මගේ මවට ආරක්ෂාව ලැබෙනවා. මගේ මව දැන් වයෝවෘධයි. මම හිතන්නේ නෑ එතුමිය වැරදි ලෙස ඒ ප්‍රතිලාභ භාවිත කර දේශපාලන කටයුතු කරන්නේ නෑ. මගේ තාත්තා කරපු කැපවීම් මගේ මවට ලැබෙන වරප්‍රසාද භුක්ති විදීම ගැටලුවක් නෙමෙයි. එතුමියගේම අදහස් අනුව නිල නිවස භාර දෙන්න යනවා.”

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved