අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ විෂය පථ කිහිපයක් වෙනස් කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඊට අනුබද්ධ ආයතන තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ රොබෝ තාක්ෂණය සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානය තාක්ෂණ අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබේ.
මුදල් ආර්ථික ස්ථායිකරණ අමාත්‍යාංශය යටතේ තිබූ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.