ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇති අතර මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
නව පත්වීම් මෙසේය :
අමාත්‍යංශ ලේකම්වරුන් :
- ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් – ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් – ඩබ්. පී. පී. යසරත්න මහතා
- වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් – සමන් දර්ශන පාඬිකෝරාල මහතා
- අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් – වසන්තා පෙරේරා මහත්මිය
- අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් – එන්. එම්. රණසිංහ මහතා
- වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් – ගුණදාස සමරසිංහ මහතා
- පරිසර අමාත්‍යාංශයේ ලේකම් – බී. කේ. පී. චන්ද්‍රකීර්ති
- විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් – ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා
- ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් – ඉංජි. රංජිත් රූබසිංහ මහතා
- තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් – ධර්මශ්‍රී කුමාරතුංග මහතා
ප්‍රධාන ලේකම්වරුන් :
- උතුරු මැද පළාත – ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා
- බස්නාහිර පළාත – එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය