Connect with us

පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි

Published

on

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19)  සිදු කෙරිණි.

එම නාම ලේඛනය මෙසේය :

01. අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී මහතා
02. අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා
03. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා 
04. මුදල්  ක්‍රමසම්පාදන  සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය – කේ. එම්. එම් සිරිවර්ධන මහතා 
05. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය – ජේ. එම් තිලකා ජයසුන්දර මහත්මිය 
06. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය – ඒ. එම්. පී. එම්. බී අතපත්තු මහතා 
07. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය – බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා 
08. ආරක්ෂක අමාත්‍යාංශය  – එච්. එස්.එස් තුයියකොන්තා මහතා 
09. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය – ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න මහතා
10. නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය – යූ. ජී රංජිත් ආරියරත්න මහතා 
11. බලශක්ති අමාත්‍යාංශය – මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල මහතා
12. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය – එස්. ආලෝක බණ්ඩාර මහතා 
13. කම්කරු අමාත්‍යාංශය – එස්. එම් පියතිස්ස මහතා 
14. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය – ඒ. විමලේන්තිරරාජා මහතා 
15. කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය – ඩී. පී වික්‍රමසිංහ මහතා 
16. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය – කේ. එම්. ජී. එස්. එන් කලුවැව මහතා 
17. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය – ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර මහතා 
18. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය – අරුණි රණරාජා මහත්මිය 

පුවත්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

Published

on

By

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන ඩෙංගු සතිය

Published

on

By

අද (19) සිටකොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බවය.

මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178 ක් වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු සහ චිකුන්ගුන්‍යා යන රෝග දෙකම මේ වනවිට ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැලඳී ඇත්නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවාය.යම් හෙයකින් එම උණ රෝගියාට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇත්නම් වෙනත් වේදනානාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනයවීමක් සිදුවිය හැකි බව ඇය අවධාරණය කර සිටියාය.

දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙයි. 

Continue Reading

පුවත්

චාමරට ඇප

Published

on

By

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (19) නියෝග කරන ලදී.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මතය.

පොදු දේපල පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරු 9.00ට පමණ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වර්ෂයේ දී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පණත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved