මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඊයේ (15) පස්වරු 4.00 ට හා 4.09 ට එම තර්ජනාත්මක ඇමතුම් දෙක ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයෙක් සහ කාර්යාල කාර්ය සේවකයෙක් පැමිණිලි කර ඇත.
‘ඡන්දෙ කාලෙදි අපි තමයි සර්ට උදව් කරේ ,එයාට කොළඹට වෙලාම ඉන්න කියන ආයි මෙහේ එන්න එපා කියන්න ,ආවොත් ජීවිතයෙන් තමයි වන්දි ගෙවන්නේ වෙන්නේ‘ යැයි පවසා දුරකථනයේ විසන්ධි කර ඇති බව ” කාර්යාල කාර්ය සහයකයා කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියා කීය .
(ලංකාදීප )