Connect with us

පුවත්

අමෙරිකානු තානාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි

Published

on

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හමුවීම සඳහා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට පැමිණියාය.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව වන බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

තවදුරටත් එතුමිය සඳහන් කර ඇත්තේ, දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහය අගය කරන බවත්‍, මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත්ය.

එසේම සයිබර් අවකාශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගීතාවය ලබා දීමට සූදානම් බවත් ඇය පවසා තිබුණි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද සහභාගී වි තිබුණි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved