Connect with us

පුවත්

අමෙරිකානු තීරුබදු ගැන හෙට ජනපති – පක්ෂ නායක හමුවක් හෙට

Published

on

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (10) පෙරවරු 11.00 ට පැවැත්වේ.

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

Published

on

By

අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය, රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදි ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ,වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කල බවය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වැලිකන්ද, අහුන්ගල්ල පදිංචි 27 හැවිරිදි විතානගමගේ ලක්ෂාන් මදුසංඛ මුණසිංහ නම් අයයි.

ඊයේ රාත්‍රී 9.35ට පමණ, නාඳුනන පුද්ගලයෙකු විසින් 9ම්ම් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම වෙඩිතැබීමෙන් තුවාලකරුගේ උදරයට වෙඩි වැදී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කලුහත් නදිශ් කුමාර ආබ්‍රේව් නොහොත් බාබා යන පුද්ගලයා මෙම වෙඩිතැබීම හා සම්බන්ධ බවට දැනට කරුණු අනාවරණය වී ඇත.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

අතුරුගිරියෙන් T56 ජීවඋණ්ඩ 50ක්

Published

on

By

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබේ.

සැකකරු ඉකුත් 12 වනදා අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

රඳවා තබාගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (17) දින මෙම ජීවඋණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 25ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තද වැසි

Published

on

By

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර මධ්‍යම, සබරගමුව, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

මේ අතර අද (18) දිනයේ දී ද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved