Connect with us

පුවත්

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

Published

on

මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරබරවාරි මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව පෙබරවාරි මස 18 වන දින සිට අයවැය දෙවනවර කියවීමේ දිනය පැවති අතර අද එහි අවසන් දිනයයි.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ ඵ්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලේය.

ඉලංකෛයි තමිල් අරසු පක්ෂය ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය මෙවර අයවැය ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව සඳහන්ය.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද පෙරේරා මහතා විසින් බ්‍රේල් ක්‍රමයට ඉදිරිපත් කරනු ලැබුවේය.

මෙය ඉතිහාසයේ පළමු වරට සිදුවූවක් බව එම අවස්ථාවට එක්වෙමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු සජීවී විකාශය

පුවත්

ඉෂාක්ට ජනපති අරමුදලින් මිලියනයක්!

Published

on

By

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගොස් තිබිණි.

එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.

Continue Reading

පුවත්

එක් ධීවර මළ සිරුරක් හමු වෙයි

Published

on

By

තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ධීවරයින් 6 දෙනෙකු රැගත් “මැක්සිම් පුතා 1 “ නැමැති එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා ගොස් යලි ගොබිමට පැමිණෙමින් තිබියදී අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු සිට තිබු අතර ඉන් සිව්දෙනෙකු ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.

අනතුරෙන් අතුරුදන් වු අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

නොවුඩ් ජාතික ජන බලවේගයේ සභිකයන් 6 ක් ස්වාධීන වෙයි

Published

on

By

දමිළ ප්‍රගතිශීලි සභිකයන් 5 දෙනකුගේ සහයෝගයෙන් නෝවුර්ඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන ලෙස එම පක්‍ෂය දැනුම්දීමට විරෝධය දක්වමින් එම සභාවේ ජාතික ජන බලවේගයේ එම පක්‍ෂයේ සභිකයන් 6 දෙනාම ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ පක්ෂයේ නුවරඑළියේ ප්‍රධානියකුගේ තර්ජන සහ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සභිකයෝ පැවසූහ.

සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම පක්ෂයේ අනෙකුත් සභිකයන්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත් එම සභාවේ සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන සභිකයාට සහ උප සභාපතිධූරය තම පක්ෂයට ගැනිමට එකගතාවය පළකළ සිටියදි විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපතිධූරය ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවත් ඔවුහු කියති.

එම සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත්කර ගැනිමට පැවති විවෘත ඡන්දයේදි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපති ධූරය සදහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට ඡන්ද 07ක් ලැබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved