පුවත්

අයවැය විවාද කාලයේ මැති ඇමතිවරුන්ගේ විදෙස් ගමන් සිමා වෙයි

Published

on

පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළදී අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගතවීම සීමා කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ඒ අනුව හදිසි වෛද්‍යමය අවස්ථාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සහ අයවැය විවාද පැවැත්වෙන කාලසීමාව තුලදී විදෙස්ගත වීම සීමාවනු ඇත.

Trending

Exit mobile version