පුවත්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 15,000 ඉක්මවයි

Published

on

මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාවත් සමඟ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයින් 15,622 ක් පීඩාවට පත්ව තිබේ.

ඉන් වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී ඇති අතර එම පළාතේ පුද්ගලයින් සංඛ්‍යාව 15,284ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අනුව, විපතට පත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ගුරුනගර්  , නල්ලූර් සහ කයිට්ස් යන ප්‍රදේශ පසුගිය දින කිහිපයක සිට ගං වතුර තත්වයකට මුහුණ පා තිබුණි

ආපදා කලමනාකරණ නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී දෙන්නේ මෙම තත්වය හේතුවෙන් නිවාසවලටද අර්ධ හානි සිදුව ඇති අතර  විපතට පත් ජනතව සහ දේපළ ප්‍රමාණය ඉහළ යා හැකි බවය 

Trending

Exit mobile version