Connect with us

පුවත්

අයහපත් කාලගුණය නිසා 3ක් මියගිහින්, දිස්ත්‍රික් 12කට බලපෑම්

Published

on

දිස්ත්‍රික්ක 12ක පවුල් 33379කට අයත් පුද්ගලයින් 129,989ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

කොළඹ,ගම්පහ,කළුතර,කිලිනොච්චිය,කෑගල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, පොළොන්නරුව,නුවර, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්කරයි.

ක්ෂණික ජල ගැලීම්,අධික සුළං,අකුණු සහ ගස් කඩා වැටීම් ආදී ආපදා තත්වයන් හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව සිටිති.වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලය.ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 200,67කට අයත් පුද්ගලයින් 80,529ක් පීඩාවට පත්ව සිටින අතර,කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,904 කට අයත් පුද්ගලයින් 40,231 ක් පීඩාවට පත්ව සිටිති.

පුද්ගල මියයෑම්….

ජල පහරට හසුව කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත.

48 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් 11 වැනිදා පානදුර – අඟුරුවාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී හල්තොට බෝධිය ආසන්නයේදී ජලය පිරී තිබූ කුඹුරකට වැටී මියගොස් ඇති අතර,කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිහිද ග්‍රාම නිලධාරී වසමේදී ඉකුත් 10 වැනිදා ඇළකට වැටී අතුරුදහන්වූ පුද්ගලයාගේ මළ සිරුර පෙරේදා (12 වැනිදා) උදෑසන සොයාගෙන තිබේ.

වැසි තත්වය තව දුරටත් වර්ධනය වුවහොත් දැනට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින ගංවතුර තත්වය නැවත වර්ධනය වියහැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර පැවසීය.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය ඉදිරි දින කීපය තුළදීද පැවැතිය හැකි බවට කාළගුණික අංශ විසින් අනතුරු අගවා තිබෙන බවත්,මේ නිසා කළු,කැලණි,අත්තනගලු ඔය සහ ගිංගගේ ධාරා ප්‍රදේශ වලට ඉදිරි කාලයේදී මිලි මීටර් 100 ක පමණ වැසි ඇද හැළුණහොත් පහසුවෙන් නැවත ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ හැකියාව ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජලයෙන් යටවී තිබෙන මාර්ගවල වාහන ධාවනය සේම ගමන් කිරීම ඉතා අනතුරුදායක බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේය.

අධික වැසි සමග ගම්පහ,කොළඹ,කළුතර,ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්ෂණිකව නාගරික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු අනතුරු අඟවන්නේය.

උදෑසන කාලයේදී පවතින වැසි තත්වය අද (14 වැනිදා) සිට අඩු වූවත්,සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින වැසි තත්වය මෙම 18 වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මෙම වැසි තත්ත්වය බලපාන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීවේය.අකුණු සහිත මෙම වර්ෂාව මිලි මීටර් 75 ත් 100 ත් අතර අගයක පවතින බවත්,කෙටි කාලයක් තුළදී වැඩි සීඝ්‍රතාවයකින් මෙම වැසි ඇද හැලෙන බවද ඔහු සඳහන් කළේය.

(අරුණ)

පුවත්

ඉෂාක්ට ජනපති අරමුදලින් මිලියනයක්!

Published

on

By

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගොස් තිබිණි.

එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.

Continue Reading

පුවත්

එක් ධීවර මළ සිරුරක් හමු වෙයි

Published

on

By

තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ධීවරයින් 6 දෙනෙකු රැගත් “මැක්සිම් පුතා 1 “ නැමැති එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා ගොස් යලි ගොබිමට පැමිණෙමින් තිබියදී අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු සිට තිබු අතර ඉන් සිව්දෙනෙකු ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.

අනතුරෙන් අතුරුදන් වු අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

නොවුඩ් ජාතික ජන බලවේගයේ සභිකයන් 6 ක් ස්වාධීන වෙයි

Published

on

By

දමිළ ප්‍රගතිශීලි සභිකයන් 5 දෙනකුගේ සහයෝගයෙන් නෝවුර්ඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන ලෙස එම පක්‍ෂය දැනුම්දීමට විරෝධය දක්වමින් එම සභාවේ ජාතික ජන බලවේගයේ එම පක්‍ෂයේ සභිකයන් 6 දෙනාම ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ පක්ෂයේ නුවරඑළියේ ප්‍රධානියකුගේ තර්ජන සහ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සභිකයෝ පැවසූහ.

සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම පක්ෂයේ අනෙකුත් සභිකයන්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත් එම සභාවේ සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන සභිකයාට සහ උප සභාපතිධූරය තම පක්ෂයට ගැනිමට එකගතාවය පළකළ සිටියදි විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපතිධූරය ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවත් ඔවුහු කියති.

එම සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත්කර ගැනිමට පැවති විවෘත ඡන්දයේදි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපති ධූරය සදහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට ඡන්ද 07ක් ලැබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved