පුවත්

 ‘අයිස් ‘ එක්ක ගුවන් මගියා අත්අඩංගුවට

Published

on

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටවී යාමට තැත් කළ ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 35 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි.

 මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ සාරි තොගයක් අතර මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Trending

Exit mobile version