Connect with us

පුවත්

අයි බදුදීම ගැන ඇහුවම බන්දුල වයින් වෙයි (වීඩියෝ)

Published

on

චැනල් අයි නාලිකාව බදු දීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලැබූ ප්‍රශ්නයේ දී ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී මුලුමනින්ම නිරුත්තර වීම කැපී පෙනුණි.

මෙම ප්‍රශ්නයත් සමඟ ඇසූ ප්‍රශ්නයට පිළිතුරුදීම වෙනුවට ආචාර්ය ගුණවර්ධන මහතා කරනු ලැබුවේ  වෙනත් කතා කියමින් අවසානයේ 88/89 සිදුවීම් පිළිබඳව ද පටලවාගෙන පාර්ලිමේන්තුවේදී ආවේගයෙන් කතා කිරීමය.

මුලදී බදු දීමක් සිදුවී නැති බවත්, කුලී පදනමින් එය ලබාදී ඇති බවට කරුණු දැක්වූ අමාත්‍යවරයා, ඉන් පසුව අමාත්‍යංශ ලේකම්වරයා කුලිය සහ බදු පිළිබඳ අනවබෝධයකින් කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව ප්‍රකාශ කරමින් අමාත්‍යංශ ලේකම්වරයා පාවා දුන්නේ ය.

එහෙත් කැබිනට් පත්‍රිකාවේ වගකීම දරන්නේ අමාත්‍යංශ ලේකම් නොව ඇමතිවරයා බවත්, එයට අත්සන් තබා තිබෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බවත් එම පත්‍රිකාවේ පැහැදිලිවම අදාළ බදු දීමේදී පාරදෘශ්‍යභාවයක් නැති බව සඳහන් කර තිබෙන්නේ යැයි එය උපුටා දක්වමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා කරුණු දැක්වීය. 

එයට පිළිතුරු නොදී විවිධ වාචලකම් දොඩවමින් ප්‍රශ්නය මඟහැර යාමට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේදි ක්‍රියා කරනු ලැබීය.

බන්දුලගේ කැබිනට් පත්‍රිකාව පහතින්..

පාර්ලිමේන්තුවේ මොකද වුණේ (වීඩියෝව)

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved