චැනල් අයි නාලිකාව බදු දීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලැබූ ප්‍රශ්නයේ දී ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී මුලුමනින්ම නිරුත්තර වීම කැපී පෙනුණි.
මෙම ප්‍රශ්නයත් සමඟ ඇසූ ප්‍රශ්නයට පිළිතුරුදීම වෙනුවට ආචාර්ය ගුණවර්ධන මහතා කරනු ලැබුවේ වෙනත් කතා කියමින් අවසානයේ 88/89 සිදුවීම් පිළිබඳව ද පටලවාගෙන පාර්ලිමේන්තුවේදී ආවේගයෙන් කතා කිරීමය.
මුලදී බදු දීමක් සිදුවී නැති බවත්, කුලී පදනමින් එය ලබාදී ඇති බවට කරුණු දැක්වූ අමාත්‍යවරයා, ඉන් පසුව අමාත්‍යංශ ලේකම්වරයා කුලිය සහ බදු පිළිබඳ අනවබෝධයකින් කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව ප්‍රකාශ කරමින් අමාත්‍යංශ ලේකම්වරයා පාවා දුන්නේ ය.
එහෙත් කැබිනට් පත්‍රිකාවේ වගකීම දරන්නේ අමාත්‍යංශ ලේකම් නොව ඇමතිවරයා බවත්, එයට අත්සන් තබා තිබෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බවත් එම පත්‍රිකාවේ පැහැදිලිවම අදාළ බදු දීමේදී පාරදෘශ්‍යභාවයක් නැති බව සඳහන් කර තිබෙන්නේ යැයි එය උපුටා දක්වමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා කරුණු දැක්වීය.
එයට පිළිතුරු නොදී විවිධ වාචලකම් දොඩවමින් ප්‍රශ්නය මඟහැර යාමට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේදි ක්‍රියා කරනු ලැබීය.
බන්දුලගේ කැබිනට් පත්‍රිකාව පහතින්..
පාර්ලිමේන්තුවේ මොකද වුණේ (වීඩියෝව)