Connect with us

පුවත්

අරක්කු හොර ස්ටිකර් බෙදුවේ සුරාබදු ඒකකයේ ලැම්බර්ට්?; සහය කපිලගෙන්?

Published

on

රටපුරා තැබෑරුම් සියයකින් පමණ හසුවූ හොර ස්ටිකර් මුද්‍රණය කර තිබූ අරක්කු බෝතල්වල ස්ටිකර් බෙදා හැර ඇත්ත‌ේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසකින් බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.

ඒ දකුණු පල්ලන්සේන, ඩොලරෝසා පාරේ 52/15 නැමැති ස්ථානයෙන් බවත් ඔහු හෙළිකළ‌ේය.

මෙහි අවස්ථා සම්බන්ධය ගැන ද අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා, ” මේ නිවෙස අයිති කාටද කියලා හොයන්න ඕනෑ. මේ හා සමාන සිද්ධියක් පාසිකුඩාවල හොයන්න ගිය සුමිත් කියන සහකාර සුරාබදු කොමසාරිස්වරයාට දුරකතන ඇමතුමක් දීලා ඔහුව හරවා ගෙන්වා ගන්නවා. කවුද ගෙන්වා ගන්නේ. අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම්) කපිල කුමාරසිංහ මහත්තයා. එතකොට 2004 වසරෙදි මේ කපිල කුමාරසිංහ එක්ක අල්ලස් නඩුවක චෝදනා ලබනවා. අල්පොන්සු රසල් ලැම්බර්ට් කියන නිලධාරියා. මේ පුද්ගලයා දැනටත් සුරාබදු අධිකාරි කෙනෙක් ලෙස කටයුතු කරනවා. ඔහුගේ නිවෙසේ ලිපිනය තමයි මම කලින් කිවුවේ.” යනුවෙන් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ බව සඳහන් කළේ මෙම ස්ටිකර් සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා  යාපනය, නුවරඑළිය, ගාල්ල හා රත්නපුර ආදි දිස්ත්‍රික්කවලින් ද මෙම හොර ස්ටිකර් හසුවී ඇති බවත් පැවසීය.

මුදල් අමාත්‍යවරයා අමතමින් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඔබතුමා කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක්. අසූචි ගොඩකට ඔබතුමා මල් වට්ටියක් කියලා කර ගහගෙන යන්න එපා. මෙකෙ තියෙන්නෙ කිඩාරම් මල්. ඒ නිසා ඔබතුමා මේ ගැටේට අසු වෙන්න එපා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා ද කියලා දැන ගන්න කැමතියි. යනුවෙන්ද විමසා සිටියේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved