Connect with us

පුවත්

අරගලකාරයෝ අයිස්කාරයෝ; අයිස්කාරයෝ ගැන කියන්නේ නයි නාලිකා

Published

on

අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. 

රණතුංග මහතා මෙසේ පැවසුවේ  මිනුවන්ගොඩ වෙළෙඳ පොළ භූමියේ පැවති රැස්වීමකදීය.

කුඩු ගංජා අයිස් විකුණන පිරිසක් එම ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා අරගලකරුවන් පාවිච්චි කළ බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් දේශපාලඥයන්ද සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා අරගලය  පහත් ආකාරයෙන්  යොදාගත් බව ප්‍රකාශ කළේය.

අද අරගලකරුවන් සත්‍ය පාපොච්චාරණය කිරීමට පටන් ගෙන ඇතැයිද  අමාත්‍යවරයා සඳහන් කළේය.

අරගලය ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවන බවත් අහිංසක මිනිසුන්ගේ ගෙවල් ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය දැයි තමා ප්‍රශ්න කරන බවත්  ඔහු කිවේය.

කෙසේවුවද, හදිස්සියේම රූපවාහිනී නාලිකාවලින් අයිස් මතද්‍රව්‍ය වැටලීම්, එයට ඇබ්බැහිවූවන් පිළිබඳ හෙළිකිරීම් සම්බන්ධයෙන් මේවන විට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් පලකර ඇති පොස්ට් කිහිපයක් පහත දැක්වේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved