Connect with us

පුවත්

අරගලයට සල්ලි බෙදූ මෙල්වා දුම්රියේ යකඩ කුණු කොල්ලයට ගන්නයයි

Published

on

දුම්රිය දෙපාර්තමේන්තුව සතු යකඩ මෙට්‍රික් ටොන් තුන්දහසක තොගයක් කිලෝ ග්‍රෑමයක් රුපියල් 43ක පාඩුවක් සිසුවන ලෙස ලබාදීමේ උත්සහායකට විරෝධය පලකරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක්ම ධාවනයෙන් ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙරට ප්‍රධාන පෙළේ යකඩ සමාගමක් වන මෙල්වා සමාගමට මෙම ටෙන්ඩරය පිරිනැමීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (04) ගිවිසුම්ගතව තිබෙන බව දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තිය සමිතියේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා මාධ්‍යට පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් තමන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව දැනුම් දුන් බවත් එම ලිපියේ පිටපත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද යැවූ බවත් හෙතෙම සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු මෙම අබලි යකඩ තොගය කිලෝ ග්‍රෑමයක් රුපියල් 62 බැගින් මිලදී ගැනීම සඳහා වෙනත් යකඩ සමාගමක් මීට පෙර ඉදිරිපත්ව තිබිණි.

මෙල්වා සමාගම ද යකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 62ක ලංසුවක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

නමුත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අසම්පූර්ණ කර තිබීම හේතුවෙන් එම සමාගමට ටෙන්ඩරය ලබානොදීමට එවකට ප්‍රවාහන ඇමැතිවරයාව සිටි ගාමිණි ලොකුගේ මහතා තීරණය කර තිබිණි.

නමුත්, අදාළ සමාගම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අසම්පූර්ණ බව වසං කොට බේරුම්කාර මණ්ඩලය හමුවේ වැරුදි තොරතුරු ඉදිරිපත් කරමින් යකඩ කිලෝ ග්‍රෑමයක් රුපියල් 42ක බැගින් මිලදී ගැනීමට උත්සහා දරන බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙයි.

මේ වනවිට යකඩ කිලෝ ග්‍රෑමයක් රුපියල් 100කට අධික මිලකට අලෙවි වන අතර, එම තත්ත්වය සලකා බලා ලාබ ලැබෙන ලෙස මෙම ටෙන්ඩරය පිරිනමන අයරු පෙන්වාදීම සඳහා තම සංගම්වලට සාකච්ඡාවක් දෙන ලෙස දුම්රිය වෘත්තීය සමිති ඉල්ලා සිටියි. 

එසේ නොමැතිව පාඩු ලබන අන්දමින් මෙම ක්‍රියාව සිදුකරන්නේ නම් දුම්රිය රියැදුරු, නියාමක සහ දුම්රිය සේවකයන්ගේද සහාය ඇතිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව මෙම වෘත්තීය සමිති අවධාරණය කරයි.අරගලයේ සල්ලි යන්තරේ මෙල්වා? 

මේ අතර, අරගලය සඳහා මුදල් පොම්ප කළ ප්‍රධාන පෙලේ අයකු ලෙස මෙල්වා සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ආනන්දරාජා පිල්ලේ මහතාට චෝදනා එල්ලවූ අතර ඔහු අරගලකරුවන් කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ දී එයට ඇතුළුව ජනපතිවරයාගේ ඇඳේ නිදා සිටින ජායාරූපද පලකර තිබිණි.

කෙසේවුවද, මෙතෙක් ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් හෝ ලබාගෙන නැතැයි ද මේ අතර වාර්තා වේ.මේ අතර, හිරු සලකුණ වැඩසටහනට එක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘රෝ (RAW) සහ CIA’ ඔත්තු සේවය මෙන්ම ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද අරගලය සඳහා විශාල මෙහෙවරක් කළ බවට චෝදනාවක් එල්ල කළහ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවලින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

සබැඳි පුවත්
අරගලයේ හවුල් කරුවෝ CIA හා RAW – ඇල්ලේ ගුණවංශ හිමි

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved