පුවත්

අරගලයෙන් සන්ධානයක්

Published

on

ජන අරගලයට එක්වූ පාර්ශ්ව ගණනාවක් සහ වාමාංශික දේශපාලන පක්ෂ එක්ව ගොඩනඟන නව සන්ධානය අද (19) එළිදැක්වීමට නියමිතය.

එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ, මෙම නව සන්ධානය ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණවලට ඉදිරිපත් වන බවයි.

ඒ අනුව එම නව සන්ධානය අද පෙරවරු 10.00ට කොළඹ 07, විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සමාජවාදී ජනතා සංසදය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම අරගලයේ ක්‍රියාකාරීන් වූ වසන්ත මුදලිගේ, නුවන් බෝපගේ, ලහිරු වීරසේකර, ස්වස්තිකා අරුල්ලිංගම්, ආචාර්ය කල්ප රාජපක්ෂ යන අය ඇතුළු පිරිසක් ද මෙම සන්ධානයට ඇතුළත් වේ.

Trending

Exit mobile version