කළුතර නගරයේ හෝටලයකට රැගෙන ගිය පාසල් දැරියක් ඝාතනය වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවැසීය.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
‘‘දැන් අරගලකරුවන්ගෙ ඇත්ත තත්ත්ත්වය එළියට එනවා. ගම්වල ඉන්නවා සමහර කොටසක් රස්සා නැති. ඒකගෙ රස්සාව තමයි අනුන්ට වෛර කිරීම. ඒ වගේම කුඩ්ඩො ඉන්නවා. මේ වගේ අයට ගමේ කියන්නේ පිංගුත්තරයෝ. දැන් සැකපිට හාරදහස් ගණනක් ඉන්නවා. ඒ අයගෙ පැටිකිරිය ගත්තාම පිංගුත්තර අලුගුත්තේරුවො ඉන්නෙ.
ගෝල්ෆේස් අරගලයේ විවිධ පුද්ගලයන් හිටියා. කූඩාරම් හදාගෙන. වගාවල් කරලා තිබුණා. ඒ අයට මේ ආත්මයෙම පඩිසන් දුන් ආකාරයත් පේනවා. මම මේ කියන්නෙ කෙනෙකුට විපතක් වූ අවස්ථාවකදි සතුටට නෙමෙයි. බුදුන් තුන්වරක් වැඩිය රටක්. ස්වභාව ධර්මයයෙන් දඬුවම් ලැබෙනවා. අරගල බීමේ ජනාධිපතිතුමා එළවන්න නූලක් කැපුව කට්ටඩියෙක්. කපුවා මැරෙන්නේ හෙණ ගහලා. අංක එක ඒක. දෙක තමයි අරගල බිමේ පුස්තකාලයක් තිබුණා. එහි සිටි පුස්තකාලයාධිපති සියදිවි නසා ගත්තා. ඊළඟට වෙන්නෙ මොකක්ද? වෙසක් උත්සවයට කළුපාටින් වෙසක් කූඩු හැදුව පුද්ගලයා දැන් අංගොඩ පිස්සන් කොටුවේ. ඒ විතරක් ද ප්‍රධාන අරගලකරුවෙක් කෝච්චියට හැපිලා මැරෙනවා. මහින්ද රාජපක්ෂට බැන්න කෙනා ලංකා හොස්පිට්ල් එකේදි හදිසියේ මිය යනවා. තව තියෙනවා. ජනාධිපති කොඩිය හොරකන් කරගෙන තමන්ගෙ ඇඳට දාලා නිදිය ගත් තැනැත්තා සති දෙකකට කලින් ත්‍රිරෝද අනතුරකින් කකුල කපනවා. අතුකෝරල මන්ත්‍රිතුමාගේ සැකකරුවෙක් හිර ගෙදරදි නැති වෙනවා. සින්දු කිව්ව සමහර කලාකරුවො හදිසි රෝගී තත්ත්වයන්ට ලක් වෙනවා. වෙසක් දිනයේ කළුතර නගරයේ දැරියක් අරගෙන යනවා හෝටලයකට. අපි දන්නෙ නැහැ ඒ දරුවා මැරුණෙ කොහොමද කියලා. ඒ සිද්ධියේ ප්‍රධාන සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා. කසාදත් දෙකක් බැඳලා.’’