පසුගිය කාලසීමාවේදී රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් අතර හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කලේය.
“මම මේක කිව්වා කියල වෙඩි වදින්න පුළුවන්” ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
ඊයේ (05) පාර්ලිමේන්තුවේ ගමනාගමන කොමිසන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාද අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් මෙලෙස අදහස් දක්වන ලදී.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාද ප්‍රතිචාර දැක්වූ අතර එහිදී සභාවේ මෙවන් උණුසුම් තත්ත්වයක් ඇති විය.
අද “නෙත් නිව්ස්” විසින් වාර්තා කර තිබුනේ, රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් අතර හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරන බවය.
එහි වැඩිදුරටත් සඳහන් වී ඇති පරිදි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගෙන් කළ කරුණු විමසීමකදී ඒ මහතා විසින් මන්ත්‍රී අර්චුනාගේ අදාළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව පවසා ඇත.
වීඩියෝ – Voice Tube