Connect with us

පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් ගැන තද තීරණයක්

Published

on

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව යළිත් වරක් උත්සාහ ගෙන ඇති නමුත් සිංගප්පූරු බලධාරීන් දැනුම් දී ඇත්තේ සිය රටේ නීතියට අනුව සිංගප්පූරු පුරවැසි භාවය හිමි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ලබා දිය නොහැකි බවය.

උපතින් ශ්‍රී ලාංකිකයකුව පසුව සිංගප්පූර පුරවැසියෙකු වූ  අර්ජුන් මහේන්ද්‍රන්  මහතා ශ්‍රී ලංකා මහබැංකු අධිපති ධූරය හෙබවූයේ යහපාලන ආණ්ඩුව යටතේය.

2015 වසරේ බැඳුම්කර සිද්ධීයෙන් රුපියල් කෝටි 1000ක පාඩුවක් සිදු කළේ යැයි මහේන්ද්‍රන්  මහතාට චෝදනා එල්ල වී තිබුණි.

මීට පෙරද මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ ගත් නමුත් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, මහේන්ද්‍රන් මහතාට  පසුගිය 25 වැනිදා වන විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසී  නිකුත් කර තිබුණි.

බැඳුම්කර සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.

මීට අමතරව මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ නිත්‍ය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජාත්‍යන්තර පොලිසිය හරහා  වරෙන්තු නිකුත් කිරීමක්ද කර තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයට පෙර පවසා තිබුණේ, මහේන්ද්‍රන්  මහතා මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

එය තම ප්‍රමුඛ කාර්යයක් බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේය.

ජනාධිපතිවරණයෙන් පසු එවකට කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, ජනාධිපති විමර්ශන කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කරුණු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය ද නීතිමය පරීක්ෂණ ආරම්භ කළ බවය.

මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරද්දී 2015 පෙබරවාරි 27 වැනිදා රජයේ බැඳුම්කර නිකුත් කිරිම මගින් එම වංචාව සිදුවුණු අතර මහේන්ද්‍රන්  මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෂෙරීස් ලිමිටඩ් ආයතනය බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන ප්‍රතිලාභියා ලෙස චෝදනා ලැබ සිටියේය.

මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ නීතියට අනුව උදර්පණය කළ නොහැකි බව සිංගප්පූරුවේ නීති බලධාරීන් ශ්‍රී ලාංකික බලධාරීන්ට දිගින් දිගටම අවධාරණය කර ඇති බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ අතර මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වඩාත් ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවී අදට (27) වසර 10 ක් වේ.

2015 පෙබරවාරි 27 දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 1,000කින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ වන විට මේ හා සමාන ණය උපකරණ වෙනුවෙන් බැඳුම්කර වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 9.50%ක් පමණ විය.

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading

තවත් බොහෝ දේ

ජගත් පරිසර දිනය අද යි

Published

on

By

ලෝක පරිසර දිනය (World Environment Day)  අදට (ජූනි 05) යෙදි තිබේ.

1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා “ලෝක පරිසර දිනය ” ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අධික ජනගහණය, පරිසර දූෂණය, වන විනාශය, ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටි.

මේ වන විට ලෝකය පුරා මතුව ඇති ආහාර සහ බලශක්ති අර්බුදය හමුවේ පරිසරය පිළිබඳ සෑම දෙනෙකුගේම අවධානය යොමුවීම දැඩි අවශ්‍යතාවක්ව පවති.

2025 වසරේදී “Ending plastic pollution ” ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිම සිදුවේ.

මෙම ගෝලීය තේමාව යටතේ ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට අපේක්ෂිතය.

සීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසාර සංවර්ධනයේ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සෞඛ්‍ය මානයන් කෙරෙහි අහිත කර ලෙස බලපාන බරපතල ගෝලීය පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් දැනට එය වසරකට ටොන් මිලියන 430 ක් පමණ වේ. වසර 2040 වන විට මෙම අගය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජගත් පරිසර දින ජාතික උත්සවයට සමගාමීව ” ජාතික පරිසර සතියක් ” ප්‍රකාශයට පත් කිරීම සිදුවූ අතර ඒ අනුව මැයි මස 30 දින  සිට ජූනි 05 දින දක්වා සතිය ” ජාතික පරිසර සතිය ”  ක්‍රියාත්මක විය.

මැයි 30 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි 31 වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජුනි 01 පරිසර පවිත්‍රතාවය පිළිබද දැනුවත් කිරීමේ දිනය, ජුනි 02 ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය, ජුනි 03 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය, ජුනි 04 වෙරළ කළාප පවිත්‍ර කිරීමේ දිනය ලෙස ක්‍රියාත්මක වූ මෙම පරිසර සතිය තුල අද දිනය (ජුනි 05 )
රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම  වෙනුවෙන් වෙන්කර තිබේ.

මෙම පරිසර සතිය තුල දී පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීම සිදු වූ අතර මෙරටට පමණක් ආවේණික මත්ස්‍යෙයකු වන “බන්දුල පෙතියා” සංරක්ෂණය සඳහා එම මත්ස්‍යයන් ජීවත්වන ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර හිතකාමී සැලසුම් ගණනාවක් ඒ අතර විය.

අද දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජගත් පරිසර  දින ජාතික සැමරුම ජනාධිපති  අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30 ට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved