පුවත්

අරාබි හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

Published

on

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මේ බව නිල වශයෙන් දැනුම් දීී ඇති බවයි.

මෙලෙස රාජකීය සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට එරට රජය ඉදිරි කාලයේදී කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අබුඩාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති – උදය ඉන්ද්‍රරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සිය හෘදයාංගම ස්තූතිය පළ කර තිබේ.

Trending

Exit mobile version