පුවත්

අරුවක්කාඩුවලට පළමු කසල තොගය පටවයි; බාගන්න පැය 4ක් ගිහින්

Published

on

කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනයට කසල දුම්රීයෙන් රැගෙන යාම අද (25) දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසයි.

වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයෙ සිට 756 දුම්රීය එන්ජීමේන් මෙම  දැවැන්ත කන්ටේනර් වැගන් 20 කින් පලමු කසල තොගය මෙලෙස රැගෙන ඒම සිදුවිණි.

දුම්රීයෙන් රැගෙන ආ කසල තොගය අරුවක්කාඩු කසල අංගනයෙ ඇති තරාදි වලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාල කසල පිරවා තිබු කන්ටෙනර් වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසල අංගනය වෙත රැගෙන යාම සිදු කෙරිණි.

දුම්රියෙන් රැගෙන ආ මෙම පලමු කසල තොගය කසල අංගනයෙ ගොඩබෑම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි කියයි.

Trending

Exit mobile version