භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ගත් බව කියන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් සහ තවත් දේශපාලන ක්‍රියාකාරිකයෙකු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව ජයමිණි වැවේ රොන්මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර පැමිණිලිකරු ගේ සමාගම නමින් වැලි කැණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සඳහා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන් වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරඩියනාරු ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන දේශපාලන ක්‍රියාකාරකවරයෙකු සහ රාජ්‍ය අමාත්‍ය – එස්. වියාලේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙක් බව වාර්තා වේ.
(මූලාශ්‍රය : ලංකාදීප)