කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමක් සඳහා රජයට පවරාගෙන තිබු ඉඩමකට කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල ගුවන් ගමන් බලපත්‍රය අලුත් කරගැනීම සඳහා පාස්පෝට් කන්තෝරුවට ද ගොස් තිබෙන බවත් ඔහු පක්ෂයේ ප්‍රධාන කාර්යලයේ පැවැති දේශපාලන රැස්වීම් වලටද සහභාගී වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය වෙත ඊයේ (09) දන්වා සිටියේය.
මේ අනුව ප්‍රසන්න රණවීර ඇතුළු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින සැකකරුවන් දෙදෙනාගේ දේපළ තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අධිකරණය ඔවුන්ට වරෙන්තු නිකුත් කළේය.
එසේම මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් හතර දෙනා මෙමස 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ (09) නියෝග කළාය.
දෙවැනි සැකකරු වන හිටපු ඇමැති මර්වින් සිල්වාට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ දිවුරුම් සහතිකය හා වෛද්‍ය සභතිකය ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
මෙම නඩුව ඊයේ (09) කැඳවූ අවස්ථාවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නවීන් වීරකෝන්, හිටපු රාජ්‍ය ඇමැති මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ජයන්ත සිංහබාහු කබ්රාල් හා මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ හෙවත් ‘සිංගප්පූරු සරත්’ යන අය අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි. එහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් මගින් මෙම නියෝගය සිදුකළාය.
මහජන ආරක්ෂක අමාත්‍යංශය පිහිටා ඇත්තේද, පාස්පොර්ට් නිකුත් කරනු ලබන ආගමන විගමන දෙපාර්තමේන්තුව බිල්ඩිමේය.
මූලාශ්‍රය – අරුණ