Connect with us

පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අයදුම්පත් කැඳවයි

Published

on

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන බවය.

ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම) නමින් පලකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය.

ඒ අනුව,  නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වැනි දින හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව-කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව දැනුම් දී තිබේ.

එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ” අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම” යනුවෙන් සඳහන් කළ යුතුය.

පුවත්

වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි

Published

on

By

වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවය.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

බෝරා සමුළුව නිසා කොළඹට අද විශේෂ රථ වාහන සැලැස්මක්!

Published

on

By

බෝරා ආගමික ප්‍රජාවගේ සමුළුව හා ප්‍රදර්ශනය හේතුවෙන් අද (28) දිනයෙත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

ඒ, කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය හා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානය ආශ්‍රීතවයි.

ඒ අනුව ලබන මස 05 වැනිදා දක්වා උදෑසන 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කර තිබේ.

එසේම ලබන 05 වැනිදා දක්වා උදෑසන 07:00 සිට පෙරවරු 11:30 දක්වා සහ සවස 03:00 සිට රාත්‍රී 10:00 දක්වා වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබයි.

පොලීසිය දැනුම්දෙන්නේ, බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරන බවයි.

අදාළ කාලය තුළ බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරන බවද පොලීසිය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

මාස 5 තුළ අල්ලස් චෝදනා මත සැකකරුවන් 31ක් අත්අඩංගුවට

Published

on

By

මාස 5 ක් ඇතුලත අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ මේ වසරේ පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුල සිදුකල වැටලීම් මගින් පොලිස් නිළධාරින් පමණක් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරු 4 දෙනෙකු, කොස්තාපල්වරු දෙදෙනෙකු ඒ අතර වන බවයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ විදුහල්පතිවරයෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි.

මේ අතර ඊයේ(27) දහවල් අල්ලස් කොමිසමේ විමර්ශන නිළධාරින් විසින් නාවලදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved