Connect with us

පුවත්

අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට IMF එක රජය එකඟ කරගනියි

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණයට එළඹ ඇතැයි වාර්තා වේ.

පාලනයේ විනිශ්චය හෙවත් government Diagnostic යන සංකල්පය යථාවත් කර ගැනීම සඳහා මෙම සංකල්පය ක්‍රියාවට නැංවීමට නියමිතය.

ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක සාගල රත්නායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්වරුන් සහ මහා බැංකු ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාග වී ඇත.

පළමු පියවර ලෙස අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම,විනිවිද භාවයෙන් යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු 14ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වය මෙහිදී එකඟතාවය පළ කර ඇති අතර කරුණු දෙකක් ක්‍රම ක්‍රමයෙන් පසුවට ඉටු කිරීමට එකඟතාවය පළ කර ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකා රේගුව,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදියෙහි දූෂණ වංචා නතර කිරීමේ ක්‍රියාවලිය නිශ්චිතව සකසා ගැනීමෙන් පසු එම කරුණු දෙක සම්පූර්ණ කිරීම රජයේ ඉලක්කය වී ඇත.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved