Connect with us

පුවත්

අල්ලස් ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයෙක්ට වැඩවරදී

Published

on

රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිසම සඳහන් කළේ, මඩකලපුව, චෙන්කලාඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදුකළ පැමිණිලක්කට අනුව එම වැටලීම සිදුකළ බවය.

මඩකලපුව – සතුරුකොන්ඩාල් ප්‍රදේශයේ පර්චස් 65ක ඉඩමක් රුපියල් කෝටියකට මිලදී ගැනීමෙන් පසු එහි මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 6ක් ගෙවූ පසු එහි තක්සේරු වටිනාකම රුපියල් කෝටි දෙකයි ලක්ෂ 65 ක් බව යළිත් පළාත් ආදායම් කාර්යාලය මඟින් දන්වා තිබේ.

ඒ අනුව, දඩ මුදලක් සමඟ රජයේ ගාස්තුව රුපියල් 850,000ක් ගෙවිය යුතු බව පවසා එම මුදල ලක්ෂ දෙකක් දක්වා අඩු කිරීම සඳහා ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.

අදාළ මුදල මඩකලපුව නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී ලබාගන්නා අවස්ථාවේදී එම නියෝජ්‍ය කොමසාරිස්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

පුවත්

ජන්ද කොළේ නැතත් ජන්දය දෙන්න පුලුවන්

Published

on

By

නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ලියාපදිංචි සෑම ජන්දදායෙකූටම නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය භාවිතා කළ හැකි බව පැවසූ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද දිනයේදීද තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව සඳහන් කලේය.

ඒ අනුව ජන්දය භාවිතා කිරීමට ජන්ද මධ්‍යස්ථානයට යාමේදී ජාතික හැඳුනුම්පත හෝ පිලිගත් වලංගු හැදුනුම්පතක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් අද පස්වරු 4.00 දක්වා ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

Continue Reading

පුවත්

රංචු පිටින් ඡන්ද පොළට එන්න එපා

Published

on

By

ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ  දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන්  ඉල්ලීමක් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ, ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සාමකාමීව පිටව යන ලෙසය.

ඡන්ද පොළවල් ආශ්‍රිතව රැඳී සිටිමින් විවිධ ප්‍රචාරක කටයුතුවල යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

සියලු ඡන්ද පොළකම  ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ට ආසන්න පිරිසක් යොදවා තිබේ.

මීට අමතරව දිවයින පුරා  පොලිස් ජංගම මුර සංචාරද අද (06) සහ හෙට  පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර සමස්ත මැතිවරණය නිරීක්ෂණයට 3,000ක පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

Continue Reading

පුවත්

සබරගමු සරසවි සිසුන් 11 කගේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවදය හේතුවෙන් මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් සිව්දෙනා ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මරණයට අදාලව එම විශ්වවිද්‍යාලයේම සිසුන් සිව්දෙනෙකු පසුගිය 04 වනදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්න ලදී.

ඔවුන් බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවිය.

මේ අතර එම සිදුවීමට අදාලව තවත් සිසුන් සිව්දෙනෙකු ඊයේ (05) සමනලවැව පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved