රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් ලබන 23 දින දක්වා බන්ධනාගාරගත කිරීමට අද (09) නියෝග කලේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයකුගෙන් පළමුව රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාගෙන ඉතිරී රුපියල් 154,200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන පසුගිය 06වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
අත්අඩංගුවට ගත් අල්ලස් මුදල අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.