ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සභාපති ධූරයට විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත්කර තිබේ.
මීට අමතරව චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරුන් ද එම කොමිසමේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.
මෙම පත්වීම් 2024 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.