පුවත්

අල්ලසෙන් ඇල්ලූ වාහන රේගුවට

Published

on

නීතිවිරෝධී ලෙස වැරදි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගන ලැබූ සුඛෝපභෝගී වාහන 05ක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

රුපියල් කෝටි 60ක පමණ වටිනාකමකින් යුත් මෙම වාහන නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒම නිසා රජයට රුපියල් මිලියන 300ක පමණ බදු අහිමි වූ බවත් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබුණි.

මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝග මත ඒවා තම භාරයට ගැනීමට අල්ලස් කොමිසම විසින් කටයුතු කරන ලදී.

වැඩිදුර විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීම පිළිගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ වාහන ශ්‍රී ලංකා රේගුවට භාරදෙන ලෙසත් නියෝග කලේය.

Trending

Exit mobile version