Connect with us

පුවත්

අලිරාජාගේ ව්‍යාපෘතිය පරාජය වුණා

Published

on

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 120ක් වැය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා ගැනීමේ ලයිකා මොබයිල් හිමිකරු අලිරාජා සුභාෂ්කරන්ගේ කුමන්ත්‍රණය ජනතාව විසින් පරාජය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඊයේ (17) සඳහන් කලේය.

මුදලට දේශපාලන පක්ෂ මිලදී ගනිමින් තමන්ට අවශ්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීම සඳහා 2014 වසරේ සිට අලි රාජා සුභාෂ්කරන් දියත් කරමින් තිබූ වැඩපිළිවෙල ඔවුන්ගේ කිසිදු නියෝජිතයකු පාර්ලිමේන්තුවට නොයවා ජනතාව විසින් පරාජය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති නීතිවේදී ආචාර්ය මොහාන් පෙරේරා පවසයි.

ලයිකා මොබයිල් හි හිමිකරු අලිරාජා සුභාශ්කරන් විසින් දියත් කළ බෙදුම්වාදී ජාත්‍යන්තර කුමන්ත්‍රණය පැරදවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ සභාපති මොහොන් පෙරේරා වැඩිදුරටත් පළකල අදහස්:

” පසුගිය මහ මැතිවරණයේදී අලිරාජා සුභාෂ්කරන් විවිධ පක්ෂවලට යම් යම් අපේක්ෂකයන්ට සහ යම් කාරණා වලට රුපියල් කෝටි 120ක මුදලක් ලබා දී තිබෙනවා.අපේ පක්ෂයත් අලිරාජා මිලදී ගන්න හැදුවා. නමුත් අපි එම කුමන්ත්‍රණයට අහුවුණේ නැහැ. ජනතාවගේ ජනමතය විකෘති කරනවාට අපි කැමති නැහැ.රටේ ඒකීයභාවයට අලි රාජාගේ ක්‍රියා කලාපය මරු පහරක් අලි රාජගෙන් කෝටි 120ක කුමන්ත්‍රණය නැති කිරීමට මට වැය වුණේ රුපියල් ලක්ෂ 6ක් පමණයි. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අලි රාජාට විකුණන්න එපා කියලා. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය කියන්නේ රාජ්‍ය සේවකයින් බහුතරයකගේ දත්ත තිබෙන ස්ථානයක්. ටෙලිකොම් එකට අලි රාජා ඇහැ ගහගෙන ඉන්නේ ඒ නිසයි. අනිරාජා වගේ හොරුන්ට අහුවෙන්න එපා කියලා බහුතර බලයක් ලැබුණු ජනාධිපති අනුර කුමාර ඇතුළු රජයෙන් ඉල්ලා සිටිනවා.”

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved