Connect with us

පුවත්

අලි පොහොට්ටු සන්ධානගත වෙයි; ලකුණුත් කැපෙයි

Published

on

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු ලකුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සමහර පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින්ද ඇතැම් ආයතන සඳහා පොහොට්ටුව ලකුණින්ද පක්ෂ දෙක එක්ව තරඟ කරන බව කී එජාප මහලේකම්වරයා ඇතැම් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුණකින් තරඟ කරන බවත් සඳහන් කළේය.

අලියා ලකුණින් තරඟ කරන ආයතන මොනවාද? පොහොට්ටුවෙන් තරඟ කරන ආයතන මොනවාද?සහ පොදු ලකුණකින් තරඟ කරන ආයතන මොනවාද යන්න පිළිබඳව පක්ෂ දෙකේ ඉහළ පෙළේ නායකයන්ගේ සහභාගීත්වයෙන් අනිද්දා (10) පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බවද රංගේ බණ්ඩාර මහතා කීය.

පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂ දෙකේ ඉහළ නිලධාරීන් කොළඹදී ඊයේ (8) ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ද පොදු ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇතැයි පැවසේ.

අදාල සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ රවී කරුණානායක යන මහත්වරුන්ද පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අළුත්ගමගේ මහත්වරුන් ද සහභාගි වී තිබේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved