හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් X ගිනුමට සටහනක් යොදමින් ඔහු මේ බව සැල කර තිබේ.
ඔහුගේ සමීප ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ ඔහු නැවත දේශපාලනයට පැමිණීමට අදහසක් නොදක්වන බවයි.
ඔහු දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ගෙන්ද විරෝධයක් ඇතැයි මේ අතර වාර්තා වේ.
සබ්‍රි මහතා දේශපාලනයට පිවිසියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීමෙන් පසුව පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) ජාතික මන්ත්‍රී ධූරවලින් එකක් පුරවමිනි.
ඔහු ගෝඨාභය මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේද ආණ්ඩුවල කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය.