වාහන අලුත්වැඩියා කරන ස්ථානයක නවතා තිබූ නවීන පන්නයේ බස් රථ 4කට ගිනි තැබීමේ සිද්ධියක් වෙන්නප්පුව වැව පාරේන් වාර්තා වේ.
පොලිසිය පැවසුවේ අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ බස් රථ මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බවයි.
ගිනිගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.
අසල තිබූ CCTV කැමරාවක් පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙක් පැමිණ බස් රථවලට ගිනිතබා පළායන අයුරු සටහන්වී ඇති බව පොලිසිය කියයි.
ගින්නෙන් රුපියල් කෝටි 3ක පමණ හානියක් සිදුවූ ඇතැයි පැවසේ.
(ඡායාරූපය : Accident1st)