පුවත්

අලුත්වැඩියාවෙන් දින 4කට පසු පාලමක් කඩා වැටී 40ක් මරුට

Published

on

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 40දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තුවාල ලබා දිවි බේරාගත් ගණන 30 ක් බවද වාර්තා වේ.

පාලම කඩා වැටෙන අවස්ථාව වනවිට පුද්ගලයින් 400 ක් පමණ පාලම මත සිට ඇති බවද පැවසේ.

අදාල පාලම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත ජනතාව සඳහා විවෘත කර ඇත්තේ මින් දින 4කට පෙරයි.

කෙසේද සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

ගලවා ගැනීමේ අංශ සැක පළ කරන්නේ, බොහෝ පිරිසක් තවමත් ජලයේ සිරවී ඇති බවය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිද්ධියෙන් මියගිය පිරිසට සිය ශෝකය පළ කර තිබේ.

Trending

Exit mobile version