සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද (07) දිනයේ සිට ලබන 18 වැනිදා දක්වා විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටී.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අද (07) සිට ලබන 15 වැනිදා දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් ධාවනය සිදුවන බවයි.
එසේම 15 වැනිදා සිට 18 වැනිදා දින දක්වා පිට පළාත්වල සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා බස් රථ වැඩි ප්‍රමාණයක් යොදවන බවත්, මේ සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ 7000 ක් පමණ යොදවන බවත් ඔහු සඳහන් කරයි.