පුවත්

අලුත් අවුරුද්දේ ජනපතිගේ මංගල විදෙස් ගමන උගණ්ඩාවට 

Published

on

නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව ජනවාරි මස 23 හා 24 දිනවල උගණ්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිල නියෝජිත පිරිසක් සහභාගි වීමට සූදානම් වන බව වාර්තා වේ.

නොබැඳි ජාතීන්ගේ කම්පාලා රාජ්‍ය නායක සමුළුවට රටවල් 120ක රාජ්‍ය නායකයන් හෝ නිල නියෝජිතයෝ සහභාගි වෙති. 

එයට අමතරව තවත් රටවල් 17ක් නිරීක්ෂක මට්ටමින් ද ජාත්‍යන්තර සංවිධාන 10ක් නිරීක්ෂණ සංවිධාන ලෙස ද සහභාගි වෙති.

උගණ්ඩා ජනාධිපති යොවේරි මුසවේනි විසින් මෙවර නොබැඳි සමුළුව විවෘත කරනු ලබයි. 

එහි නව සභාපතිවරයා ලෙස පත්වන්නේ ද උගණ්ඩා නායකයාය.

Trending

Exit mobile version