පුවත්

අලුත් අවුරුදු වෙනුවෙන් විශේෂ රථවාහන සැලසුමක්

Published

on

අලුත් අවුරුදු කාල සීමාවේ දිවයින පුරා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටී. 

මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රියැදුරන්ට දැනුම් දී සිටින්නේ, බීමත්ව රිය ධාවනයෙන් වැළකී සිටින ලෙසය.

මීට අමතරව, සංස්කෘතියට නොගැළපෙන අයුරින් ක්‍රීඩා අංග ඇතුළත් කරගනිමින් පවත්වන අවුරුදු උත්සව නවතා දැමීමට වහාම පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසන ලදී.

Trending

Exit mobile version